නිදහස් ලිවීම - රොෂී එම ජයසුන්දර
Sahurdhaya Magazine "සහෘදයා සගරාව"
එදා දේ ඇතුලේ අදට වලංගු දැ කියවන,අද දෙය හෙටට ගැලපෙන විදිහට ලියන අපි අලුත් පරම්පරාවක්...
Sunday, May 16, 2021
Wednesday, April 25, 2018
Wednesday, April 20, 2016
සහෳදයාගේ දෘශ්ටිය_
කලාකරුවා කරන දේ සම සිතින් දරන ඔබ අපගේ “සහෳදයා” ය.
එය සාහිත්‍ය කියවීමය. එහෙත් නුතනයේ මෙය එයාකාරයෙන්ම වලංගු වේද?
වර්තමානයේ දී ලේඛණ ක්ෂේත්රයට අදාළ කලාකරුවා හා පාඨකයා අතර වූ අන්තර් අවකාශය, විවිධ තාක්ෂණික උපායමාර්ගයන් භාවිතා කරමින්, සහාසම්බන්ද කිරීමක් දක්නට ලැබේ .එය සාධනීය ප්රවේශයකි. Facebook, twitter, viber, what’sapp යන සමාජ හා අනෙකුත් වෙබ් අඩෙවි උපයෝගී කරගනිමින් නුතන කලාකරුවා, තම සීමා නිර්ණ අතික්‍රමණය කරගනිමින් සමාජ ගත වීමට ප්‍රවිෂ්ට වී ඇත.
අතීත පුරෝකථනයන් සමතික්‍රමණය කරමින් නුතන සමාජ ප්‍රතිසංවිධානය අරබයා අපගේ තෙලි තුඩ හැසිරවීම සිදුවන්නේය. එය කොතරම් ප්‍රයෝගික වන්නේද යන්න අපට ගැටලුවක් නැත. මන්ද සමාජය අරගලයට මේ මොහොත වන විටත් අප විසින් අත්පොත් තබා අහවර බැවිණි.
සමාජය පිරික්සීමට,කියවීමට,ලිවීමට අපට පැහැදිලි ඇම්මක් ඇත .එය නම් සමාජය වෙනස් කිරීම පෙරටුගමි කොට, පුද්ගල චින්තනය සාධනීය හැඩගැන්වීම උදෙසාය.
මෙහි කියවීම තුළ “සහෳදයා” යන්න අතීතයට මෙන්ම වර්තමනයට ද වලංගු ,වටිනාකමකින් යුක්ත භූමිකාවකි .එය විතර්කයෙන්ම පිළිගතයුතු කරුණකි.
බොක්කෙන් කරන ,ඇත්ත කියන ,අනිත් එවුන්ට වඩා ටිකක් වෙනස් ,හුගක් හොද පරම්පරාවක අපිත් මිනිස්සු .අපේ ලිවිම ඔබේ කියවීම කරගන්න. “සහෳදයා” සහෝදරයා කරගන්න.
එදා දේ ඇතුලේ අදට වලංගු දෑ කියවන,අද දේ හෙටට ගැලපෙන විදියට ලියන අපි අලුත් පරම්පරාවක්...
සහෳදයාගේ දෘශ්ටිය_
නුතන් තාරුණ්‍යයේ බහුතරය තවමත් ජිවත් වන්නේ කල්පනලොකයන්හිය .එය සමාජයේ පසුගාමී තත්වයන් ඇති වීමට වන පෙර නිමිත්තකි. සහෳදයා යන්න සංස්කෘතික හර පද්ධතියට බලපෑමක් එල්ල නොකරන,සමාජයේ ප්රතිවිප්ලවයට විභවයක් වන, අරගලයක හෙවනැල්ලක්.
එහෙයින් මේ මොහොත වන විටත් පරිකල්පනය මොට වෙච්ච, ශිෂ්ට සමාජයේ සුළුතරයක් සිටින්නේය.ඔවුන්ගේ චින්තනයට පණ ගහලා ශක්තියක් වෙන්න සහෳදයා අපේක්ෂා කරන අතර ඔවුන්ගේ ස්මෘතිය සාධනීයව ගොඩ නගනු නොඅනුමානය.
“සමහර දෑ ඇත්තේ දිව ගා බැලීමට ය,සමහරක් ගිල දමනු සදහා ය,තවත් සමහරක් හපා ජීරණය කරනු සදහා ය.”
ඉතිං සහෳදයා ද දිව ගා බැලීමටවත්,ගිලදමනු සදහා වත් නොව එය හපා ජීරණය කරගැනීමට අවැසි විදිමත් ලිවීමකි,කියවීමකි.සහෳද පාඨකයිණි මේ ඔබට වන හිතාදර ආරාධනයයි.
එදා දේ ඇතුලේ අදට වලංගු දෑ කියවන,අද දේ හෙටට ගැලපෙන විදිහට ලියන අපි අලුත් පරම්පරාවක්.
Wednesday, April 13, 2016
Tuesday, April 12, 2016
ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් – පළවෙනි රහස: සිත කුල්මත් කරවන හැඟීම
ආදරයක් ජීවිතයට ලැබුනු පළමු දවසේ ඔබේ සිතට දැනුනු කුල්මත් හැඟීම ඔබට මතකද? ඔබට වෙන කිසීම දෙයක් හිතට නොනැගෙන තරමටම ඒ සිතුවිල්ල ඔබේ සිත වෙලා ගෙන තිබුනා. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ කියලා ඔබට දැනෙන්න ඇති. අද දවසේ ඉසුරුමත් ජීවිතයක් පිළිබඳ හැඟීම ඔබේ සිතට දැනුනාම, ආදරය දැනුනු තරමටම ඔබේ සිත පිබිදෙනවාද? පිළිතුර ඔවු නම් ඔබ පළමු පරීක්ෂණයෙන් සමත්. හැබැයි ඔබට ඒ පිළිබඳ උත්තරය ඒ තරමටම ශක්තිමත් නැත්නම් අපි තත්වය අදම වෙනස් කරගනිමු. ඔබට ජීවිතය ඉසුරුමත් කරන්න තියෙන ඕනෑකම නිකම්ම පැතුමකින් ඔබ්බට ගිය ලොකු desire එකක් වෙන්න ඕනි. desire කියන්නේ මොකක්ද කියලා මධුර ශබ්ද කෝෂය කියන්නේ මෙහෙමයි. අටිය, අපේක්ෂාව, අභිප්‍රාය, අභිරුචිය, අභිලාෂය, මනදොළ. මේ මොන නමකින් හැඳින්වුවත්, නිකම්ම සිහිනයක්, පැතුමක් විතරකින් එහාට ගිය දැඩි ඕනෑ කමක් සහිත හැඟීමක් කියන එක හොඳටම පැහැදිලියි. සිහිනයක් විතරක් තියෙන අය සිහිනෙත් එක්ක ජීවිත් වෙලා සිහින බිඳ වැටෙන බව කියනවා. ඒත් ආකර්ෂණ නීතිය ජය ගන්න ඔබට ලොකු ඕනෑ කමක් තියෙන්න ඕනි.
මේ ඕනෑ කම කොයි තරම් වෙන්න ඕනද කියලා තේරුම් ගන්න පුළුවන් ලස්සන කතාවක් තියෙනවා. දවසක් තරුණයෙක් සොක්‍රටිස් මුන ගැහෙන්න ගියා ප්‍රශ්නයක් විසඳා ගන්න. ඔහුගේ ප්රශ්නය උනේ ජීවිතය සාර්තක කරගන්නේ කොහොමද කියලා අහන්න. සොක්‍රටිස් පිළිතුරක් වෙනුවට තරුණයාට පසු දින උදේ ගඟ ළඟට එන්න නියම කළා. තරුණයාත් කුතුහලයෙන් ගෙදර ගිහින් පසුදා උදේන්ම ගඟ ළඟට ආවා. ඒ වෙනවිටත් සොක්‍රටිස් ඇවිත්. තරුණයා මුල් ප්‍රශ්නයම නැවත ඇසුවා. සොක්‍රටිස් තරුණයාගෙන් ඇසුවා දියුනු වෙන්න කොච්චර ඕනැ කමක් තියනවාද කියලා. තරුණයා පිළිතුරු දුන්නා ලොකු ඔනෑ කමක් තියනවා කියලා. සොක්‍රටිස් නැවතත් අහනවා කොච්චර ලොකු ඕනැ කමක්ද කියලා. තරුණයාට ඒ ගැන හොඳ වැටහීමක් තිබුනේ නැ. සොක්‍රටිස් තරුණයාට ගඟ මැදට යන්න කියා තරුණයාගේ පස්සෙන් ගඟට බැස්සා.
තරුණයාගේ නහය ළඟට වතුර තියෙන තරම් ගඟ මැදට ගියාම, සොක්රටීස් එක වරම තරුණයා බෙල්ලෙන් අල්ලා වතුරේ එබුවා. ඔක්සිජන් නැතුව නිල් පාට වුන තරුණයා තම උපරිම ශක්තිය යොදවලා දේහධාරී සොක්‍රටිස් පෙරළගෙන වතුරෙන් ගොඩට ආවා. සොක්රටීස් හති දමමින් සිටි තරුණයා නිවුන පසු පැනයක් ඇසුවා. වතුරේ යට ඉන්න විට ඔහුගේ උවමනාව මොකක්ද කියලා. තරුණයා කීවේ ඔහුට හුස්ම ගන්න උවමනා උන බවයි. සොක්‍රටිස් ඇහුවා නැවතත් කොච්චර ඕනෑ කමක් තිබුනාද කියලා හුස්ම ගන්න. තරුණයා කීවේ එපමණ ඕනෑ කමක් කවදාකවත් ඇති වෙලා නෑ කියලා. සොක්‍රටිස් තරුණයාට කියා දුන්නා ජීවිතේ ඉසුරුමත් කරගන්න නම් වතුරේ ගිලිලා මැරෙන්න යන කෙනෙකුට හුස්ම ඕනි තරම් ඕනි කමක් සිතේ ඇති කර ගන්න ඕනි කියලා.
ඉසුරුමත් ජීවිතයකට ඔබට තිබෙන උවමනාව ඔබේ ඇතුලෙන්ම එන ලොකු ගින්නක් වෙන්න ඕනි. ඇතුලෙන්ම කියලා මම කීවේ ඔබේ හදවතින්ම එන්න ඕනි කියන දෙය සිතා ගෙන. මනසින් ඇති කරගන්න සිතුවිල්ලකට වඩා හදවතින්ම ඕනෑ කමක් ඇතිකරගන්න ඕනි. මනස එහෙම නැත්නම් ඔබේ උඩු හිත තර්කානුකූලව සිතන විට සැකය ඇති වෙනවා. සැකය ඔබ ළඟ තියෙන විට ඔබ උකටලී වෙනවා. ඉච්චාබංග වෙනවා. ඒත් ඔබේ හදවත එහෙමත් නැත්නම් ඔබේ යටිසිත ඔබේ හැඟීම් වලට බලපානවා. ඉසුරුමත් ජීවිතයක ඕනෑ කම ඔබේ යටි සිත බාර ගත්තාම ආකර්ෂණ නීතිය බලපානවා. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔබේ මනස තර්කයත් යටිසිත හැඟීම් පාළනයත් කරන නිසා තර්කයත් හැඟීම් අතර ගැටුමක් ඇතිවුනාම නිතරම හැඟීම් ජය ගන්නවා. මේ නිසා ඔබේ හැඟීම් කළමණාකරණය ඉසුරුමත් ජීවිතයක පදනම වෙනවා. ඒ වගේම තර්කයත් හැඟීම් අතරත් එකඟ බව ඉසුරු ඔබ කරා ආකර්ෂණය ඉක්මන් කරනවා.
සිහිනයකට එහා ගිය ලොකු උවමනාවක් ගැන මම නැවත නැවතත් ඔබට මෙහිදී නැවත නැවතත් කියන්නේ ඇයි? සිහිනය මනසේ උපකරණයක් විතරයි. ඔබ සිහිනයක් දැක්කාට මනස එය ළඟා කර ගන්න සුදානම් වෙලා නැ. ඔබ දකින සිහිනය ඔබේ හදවතට දැනිලා නෑ. ඒ නිසා හැම සිහිනයක්ම ඉටු වෙන්නේ නැහැ. සිහිනය සිතැඟියාවක් හා දැඩි අභිලාෂයක් බවට පෙරළුනාම, එය ඔබේ යටි සිතේ පාළනයට නතු උනාම හැඟීම් වෙනස් වෙන්න පටන් ගන්නවා. තවත් ලෙසකින් කියනවානම්, ඔබේ පැතුම, භාවයක් බවට පෙරළෙන විට, එම සිතුවිල්ල භෞතික යතාර්ථයක් බවට පෙරළෙනවා.ඔබ බොහෝ විට දැක ඇති මිනිසුන් පැතුම් පැතුවත් ඒ පැතුම සැබෑවක් කරගන්න කැපවී වැඩකරන්නේ නැතිව ඉන්න බව. ඇයි ඒ වගේ වෙන්නේ. මනසට පැතුමක් ආවත් ඒ පැතුම යටිසිතේ හැඟීමක් ඇති නොකරන තාක් ක්‍රියාත්මක වීමක් ඇතිවෙන්න පෙළඹීමක් ඇති කරන්නේ නැ. ඔබට දෙයක් දිනා ගන්න සිතුවත්, පැතුවත් ඔබේ හදවත එය පිළිගෙන නැත්නම් හෝ ඊට වෙනස් දෙයක් විශ්වාස කරනවානම් ඒ පැතුම ඉටු වෙන්නේ නැහැ. පැතුම් පතන එක විතරක් කරන පුරුද්ද නවත්තලා ඒ වෙනුවෙන් වැඩකරන්න පටන් ගනිමු. ඒ වෙනුවෙන් හැඟීම් වෙනස් කරගන්න පටන් ගනිමු. ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඔබේ භාවයන් වෙනස් වෙනවා. පැතුම ඉටු වෙන්න එය ඔබේ අත් දෙකට ලබා ගන්න යන්නේ ක
මිරිවැඩි සඟළක් ඉල්ලා හැඩුවෙමි
ඔයාට ඔයා ලඟ තියෙන දේවල් කොච්චර නම් වටිනවද කියලා මට කියන්න. ඔයාගේ මුහුණ වගේ ලස්සන මුහුණක් වෙන නෑ කියලා ඔයා හිතලා තියෙනවද? ජිවිතේට පුංචි පුංචි වටින දේවල් එකතු කර ගන්න උත්සහ කරන ඔයා, ඔයා ලඟම තියෙන ලොකු වටිනා කමකින් පිරුණු දේවල් අමතක කරනවද?
කඩේක තියෙන ලස්සනම සෙරෙප්පු දෙකක්, සපත්තු දෙකක් ඉල්ලලා ඔයා හයියෙන් අඩද්දී.. ඔයාගේ පුංචි කකුල් දෙකේ දාගෙන ඉන්න ආරක්ෂාව, ලස්සන තියෙන සෙරෙප්පු දෙක ඔයාට වටින්නැහැ. ඒත් ඔයා හිතලා බැලුවද ඔයාට වගේ කකුල් දෙකක් නැති කෙනෙක් සෙරෙප්පු දෙකක් ඉල්ලලා අඩන එක ගැන.
ඔයා අහලා තියෙනවද ඇමෙරිකාවේ ඇරිසොනාවෙන් බිහි වුණ අත් දෙකම අහිමිව ගිය ජෙසිකා ගැන. එයාට නැතිව ගිය අත් දෙක වෙනුවෙන් එයා අඬ අඬම හිටියා නම්, ජෙසිකව අදටත් දන්නේ ජෙසිකගෙ අම්මා විතරමයි. ජෙසිකා ලග ඉතුරු වෙල තිබුණ කකුල් දෙකට එයා වටිනා කමක් දුන්නා. ඒ වටිනා කම ජෙසිකව ලෝකේ දෑත් අහිමි පළමු ගුවන් නියමු වරිය වනතෙක් ගෙනිච්චා. එච්චරක්ද..? නැහැ, එයා අපි හැමෝටම කිවුවා ”තමන්ට වටිනා කමක් දෙන්න..” කියලා. ඔයා ඒ වටිනා කම ඔයාට දුන්නා නම් මේ ලෝකේම ඔයාගේ කියලා ජෙසික ඔප්පු කලා
ඔයා මුලින්ම ඔයාව අගය කරන්න පුරුදු වෙන්න.ඔයා වෙනුවෙන් ඔයගේ ලෝකේ වටිනා කම ඇති කරගන්න. ඔයාගේ හැම හැකියාවක්ම, දක්ෂකමක්ම ඔයා අගය කරන්න. ඔයාට අහිමි වුණ දේවල්, අහිමි වෙන දේවල් වලට වඩා ඔයා ලඟ තියෙන දේවල් වෙනුවෙන් සතුටු වෙන්න. ඒ දේවල් වෙනුවෙන් ජීවත් වෙන්න.ඔයාට අහිමි දේවල් වල නැති.., ඔයා ලඟ තියෙන දේවල් වල හොඳ දකින්න.
ඔයාගේ ඇස් දෙකේ කුංකුම තවරන්න කුංකුම ඉල්ලලා හඩා වැටෙද්දී, දෑසම අහිමි කෙනෙකුට කුංකුම වල වටිනා කමක් තියේද සිතන්න. ඔයා ඔයා ලඟ තියෙන දේ අගේ කරන්න. වටිනා කමක් දෙන්න. නැති දේවල් වලට වඩා තියෙන දේවල් ගැන සතුටු වෙන්න. එහෙම කරලා ඔයා බලගෙන ඉන්න ඔයාට නෑ කියන්න බැරි වෙන්න හැම දෙයක්ම ලැබෙයි.
Subscribe to:
Posts (Atom)