Wednesday, April 20, 2016


සහෳදයාගේ දෘශ්ටිය_

කලාකරුවා කරන දේ සම සිතින් දරන ඔබ අපගේ “සහෳදයා” ය.
එය සාහිත්‍ය කියවීමය. එහෙත් නුතනයේ මෙය එයාකාරයෙන්ම වලංගු වේද?
වර්තමානයේ දී ලේඛණ ක්ෂේත්‍රයට අදාළ කලාකරුවා හා පාඨකයා අතර වූ අන්තර් අවකාශය, විවිධ තාක්ෂණික උපායමාර්ගයන් භාවිතා කරමින්, සහාසම්බන්ද කිරීමක් දක්නට ලැබේ .එය සාධනීය ප්‍රවේශයකි.  Facebook, twitter, viber, what’sapp යන සමාජ හා අනෙකුත් වෙබ් අඩෙවි උපයෝගී කරගනිමින් නුතන කලාකරුවා, තම සීමා නිර්ණ අතික්‍රමණය කරගනිමින් සමාජ ගත වීමට ප්‍රවිෂ්ට වී ඇත.
අතීත පුරෝකථනයන් සමතික්‍රමණය කරමින් නුතන සමාජ ප්‍රතිසංවිධානය අරබයා අපගේ තෙලි තුඩ හැසිරවීම සිදුවන්නේය. එය කොතරම් ප්‍රයෝගික වන්නේද යන්න අපට ගැටලුවක් නැත. මන්ද සමාජය අරගලයට මේ මොහොත වන විටත් අප විසින් අත්පොත් තබා අහවර බැවිණි.
සමාජය පිරික්සීමට,කියවීමට,ලිවීමට අපට පැහැදිලි ඇම්මක් ඇත .එය නම් සමාජය වෙනස් කිරීම පෙරටුගමි කොට, පුද්ගල චින්තනය සාධනීය හැඩගැන්වීම උදෙසාය.
මෙහි කියවීම තුළ “සහෳදයා” යන්න අතීතයට මෙන්ම වර්තමනයට ද වලංගු ,වටිනාකමකින් යුක්ත භූමිකාවකි .එය විතර්කයෙන්ම පිළිගතයුතු කරුණකි.
බොක්කෙන් කරන ,ඇත්ත කියන ,අනිත් එවුන්ට වඩා ටිකක් වෙනස් ,හුගක් හොද පරම්පරාවක අපිත් මිනිස්සු .අපේ ලිවිම ඔබේ කියවීම කරගන්න. “සහෳදයා” සහෝදරයා කරගන්න.
එදා දේ ඇතුලේ අදට වලංගු දෑ කියවන,අද දේ හෙටට ගැලපෙන විදියට ලියන අපි අලුත් පරම්පරාවක්...

No comments: