සහෳදයාගේ දෘශ්ටිය_
නුතන් තාරුණ්‍යයේ බහුතරය තවමත් ජිවත් වන්නේ කල්පනලොකයන්හිය .එය සමාජයේ පසුගාමී තත්වයන් ඇති වීමට වන පෙර නිමිත්තකි. සහෳදයා යන්න සංස්කෘතික හර පද්ධතියට බලපෑමක් එල්ල නොකරන,සමාජයේ ප්රතිවිප්ලවයට විභවයක් වන, අරගලයක හෙවනැල්ලක්.
එහෙයින් මේ මොහොත වන විටත් පරිකල්පනය මොට වෙච්ච, ශිෂ්ට සමාජයේ සුළුතරයක් සිටින්නේය.ඔවුන්ගේ චින්තනයට පණ ගහලා ශක්තියක් වෙන්න සහෳදයා අපේක්ෂා කරන අතර ඔවුන්ගේ ස්මෘතිය සාධනීයව ගොඩ නගනු නොඅනුමානය.
“සමහර දෑ ඇත්තේ දිව ගා බැලීමට ය,සමහරක් ගිල දමනු සදහා ය,තවත් සමහරක් හපා ජීරණය කරනු සදහා ය.”
ඉතිං සහෳදයා ද දිව ගා බැලීමටවත්,ගිලදමනු සදහා වත් නොව එය හපා ජීරණය කරගැනීමට අවැසි විදිමත් ලිවීමකි,කියවීමකි.සහෳද පාඨකයිණි මේ ඔබට වන හිතාදර ආරාධනයයි.
එදා දේ ඇතුලේ අදට වලංගු දෑ කියවන,අද දේ හෙටට ගැලපෙන විදිහට ලියන අපි අලුත් පරම්පරාවක්.
No comments:
Post a Comment